අය වැය ලේඛන සකස් කිරීම 2027 වර්ෂය
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා අයවැය සකස් කිරීම යෝජනා ලබා ගත යුතුව ඇත. එබැවින් 2026.09.01 දිනට පෙර 2027 වර්ෂය සඳහා බලප්‍රෙද්ශය තුළ පවතින යෝජනා ඉදිරිපත් කරන ලෙස දන්වමි.
තවද තිරසාර සංවර්ධන අභිමතාර්ථ අරමුණු කර ගනිමින් තොරතුරු ,යෝජනා ලබාදීමට කටයුතු කරන ලෙස මෙයින් දන්වමි.
ü කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන්,
ü ප්‍රජා සංවර්ධන වැඩ සටහන්,
ü කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් (ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය,කාන්තා කණ්ඩායම්වල ඉදිරි දර්ශනය සහ ප්‍රමුකතාවයන් සැලකිල්ලට ගැනිම සහතික කිරීම)
ü අඩු ආදායම් ලාභී පවුල් වල විශේෂ අවශ්‍යතාවයන්,
ü සාමාජීය වශයෙන් වරප්‍රසාද නොලත් කණ්ඩායම් වල අවශ්‍යතාවයන්,
ü කුඩා හා මධ්‍යම පරිමාණ අංශයන්හි අදහස් හා නිර්දේශ සලකා බැලීම.
ü තරුණ අවිධිමත් කණ්ඩායම් වල අවශ්‍යතාවයන් සැලකිල්ලට ගැනීම.
ü ආබාධිත අවිධිමත් කණ්ඩායම් වල අයිතිවාසිකම් හා අවශ්‍යතාවයන් පිළිගනිමින් ඔවුන්ගේ දර්ශනය සලකා බැලීම.
එස්.එම්.කේ.ජී.එස්.සුභසිංහ ලේකම් පාතහේවාහැට ප්‍රාදේශීය සභාව